මාවතගම යනු කුරුණෑගල සහ මහනුවර අතර පවත්නා කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නගරයකි.මෙම වෙබ් අඩවිය ආරම්භ කර ඇත්තේ මාවතගම ප්‍රදේශයේ ජනතාවගේ ජීවත තත්වය සංවර්ධනය කරලීමේ බලාපොරොත්තුවෙනි.
සංවර්ධනයේ විවිධ පැතිකඩවල් පවතියි. ආධ්‍යාත්මික සංවර්ධනය (Spiritual development), ආර්ථික සංවර්ධනය (Economic development), සාමාජ සංවර්ධනය (Social development), දේශපාලන සංවර්ධනය (Political development) සහ යටතල පහසුකම් සංවර්ධනය (Infrastructure development) මේ අතර වේ. මේ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය පාලන තන්ත්‍රය, වෙනත් ආයතන සහ පුද්ගලයින් විවිධ ලෙසින් මැදිහත් වේ. එසේ වුවත් ප්‍රාදේශිය ජනතාවගේ ඒකරාශී වීමෙන් මේ සමහරක් කටයුතු වඩාත් ඵලදායී ලෙස කරගෙන යෑමට හැකියාව ලැබේ. මෙම වෙබ් අඩවිය ආශ්‍රිතව කෙරෙන කටයුතුවලින් බලාපොරොත්තු වනුයේ එවන් පසුබිමක් සැකසීමෙන් උසස් සාර්ථකත්වයක් ලඟා කර ගැනීමයි. වෙනත් අයුරකින් කියුවොත් වර්තමානයේත් පවත්නා රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ පුද්ගලයින් විසින් සිදුකරන සංවර්ධන කටයුතුවලට සහයක (supportive) සහ අනුපූරක (complementory) කටයුතු මෙම වෙබ් අඩවිය ආශ්‍රිතව සිදුකරලීමට බලාපොරොත්තු වේ.
මෙම උත්සාහය එක් අතෙකින් සමාජ සත්කාරයක් ලෙස කෙරෙන්නකි. අඛණ්ඩව කරගෙන යෑම තහවුරු විය යුතු බැවින් තවත් අතෙකින් මෙම උත්සාහය ව්‍යාපාරයක් ලෙස කෙරෙන කටයුත්තකි. මෙහිදී ප්‍රාදේශීය ජනතාවගේ ඒකරාශී වීම සහ සහභාගිත්වය වැඩි දියුණු කිරීම පිණිස ප්‍රමුඛ වශයෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කෙරෙනු ඇත.
ඔබ මාවතගම ප්‍රදේශයේ වාසය කරන්නෙක් නම් හෝ මාවතගම ප්‍රදේශය සමඟ සම්බන්ධතා පවත්වන්නෙක් නම් මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද අභිලාශයන් සාර්ථක කර ගැනීම සඳහා අප සමඟ එක්වන මෙන් ඇරයුම් කරමු.
මෙම වෙබ් අඩවිය තවමත් සැකසෙමින් පවතියි. අතිරේක පිටු නුදුරේදී එක් කෙරෙනු ඇත. එතෙක් ඔබගේ සහයෝගය මෙසේ අපේක්ෂා කරමු:
- "සම්බන්ධ වන්න" පිටුවට ගොස් අපගේ සන්නිවේදන නාලිකා සමඟ එක්වන්න. එවිට අපගේ දැන්වීම් ඔබ වෙත පහසුවෙන් එවිය හැක.
- ඔබගේ අදහස් අප වෙත දන්වන්න.
අප සමඟ එක්වන්න
අප සමඟ සම්බන්ධ වන්න.